කොවිඩ් වැළඳුණත් රිෂාඩ්ගේ මාමාට ඇප නෑ….! කොවිඩ් නම් රෝහල්ගත කරන්නැයි අධිකරණය කියයි…!

August 28, 2021 at 10:05 am | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

කෙසේ වුව ද ඔහු ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉෂාලිනී දැරිය පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අදාළ සැකකරු වෙනුවෙන් මෝසමක් මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කැඳවනු ලැබීය.

සැකකරුට රෝගී තත්ත්වයක් තිබේ නම් රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *