කොවිඩ් වසංගතය අදාළ නෑ….! අපි ආයෙමත් වැඩ වර්ජනයකට සූදානම්….! – සමන් රත්නප්‍රිය…

July 14, 2021 at 3:39 pm | by emanisa.lk

පසුගියදා හෙද නිලධාරීන් දියත් කළ වර්ජනය නතර කිරීමේ දී ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නැතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊට අදාළ චක්‍රලේඛ මෙතෙක් නිකුත් කර නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුවට තව සතියක කාලයක් ලබා දෙන බවත් එහි සභාපති, හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය අවධාරණය කරයි.

ලබන සතියේ අදාළ චක්‍රලේඛ නිකුත් නොකළහොත් ඊට පසු අනිවාර්යෙන් ඊට එරෙහි ක්‍රියාමාර්ග වෙත යන බවට ඔහු අනතුරු ඇඟවූයේ ය.

කෙසේ වුව ද හෙද සේවයට අදාළ වරප්‍රසාද ලබා දුනහොත් ඊට සමාන්තර සෙසු සෞඛ්‍ය සේවා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව මේ වන විටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *