කොවිඩ් මැද මත්තල ගුවන් තොටුපළ මාස අටට ලක්ෂ 520ක් උපයයි…!

October 24, 2021 at 4:34 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩුව යටතේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළේ වී ගබඩා කල කාලය ඇතුළුව වසර 5 ක් තුළ එහි ආදායම රුපියල් ලක්ෂ 1192කින් පහළ වැටී තිබේ.

2014 වර්ෂයේදී මත්තල ගුවන්තොටුපළේ ආදායම රුපියල් ලක්ෂ 1362ක් වූ අතර 2019 වසරේදී රුපියල් ලක්ෂ 170කි. 2014 වසරේදී රුපියල් ලක්ෂ 1362ක් වූ ආදායම 2015 වසරේදී රුපියල් 710ක් දක්වා සියයට පනහකින් පමණ පහත වැටී තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නැවත වරක් මත්තල ගුවන්තොට මගී ප්‍රවාහන කටයුතු සදහා විවෘත කිරීමට පියවර ගත් අතර කොවිඩ් වසංගතය මැද පවා මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය ඇතුළත රුපියල් ලක්ෂ 520ක් ආදායමක් ලැබීමට සමත්ව ඇත. එය 2019 වර්ෂයට වඩා රුපියල් ලක්ෂ 350ක පමණ ආදායම් වැඩිවීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *