කොවිඩ් මාරයාගෙන් ගැළවෙන්න සජිත් ලංකාවට ඔසුවක් නිර්දේශ කරයි….!

August 29, 2021 at 12:24 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

“ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය විසින් බරපතල තත්ත්වයක් දක්වා කොවිඩ් රෝග තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් සහිත, සුළු හා සාමාන්‍ය මට්ටමේ රෝග තත්ත්වයන්හි පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් REGEN-COV සන්නාම නාමය යටතේ නිෂ්පාදිත Casirivimab හා Imdevimab යන එ්කක්ලෝනීය ප්‍රතිදේහ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ සිටින මාගේ මිතුරන් මා හට පවසන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම මඟින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බවයි. එම නිසා ශ්‍රී ලංකා රජය විසින් අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙම ජීවිතාරක්‍ෂක ඖෂධය මිලදී ගැනීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇත.”

මෙයට පෙර සජිත් ප්‍රේමදාස කොවිඩ් සුව කිරීම සඳහා ප්ලැකනිල් නම් ඖෂධයක් ද නියම කළ නමුත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *