කොවිඩ් මර්දන සැලසුම් අසාර්ථකයි…! වසංගත රෝග ප්‍රධානී ධූරයෙන් ඉවතට..?

June 5, 2021 at 9:47 pm | by emanisa.lk

වසංගත රෝග අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරින් ඉවත්කොට වෙනත් ජ්‍යේෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙක් එම තනතුරට පත් කිරීමට රජය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය සමරවීර එම තනතුරින් ඉවත්කළද ඔහුගේ ජ්‍යේෂ්ඨතාවට ගැළපෙන වෙනත් සුදුසු තනතුරක පිහිටුවීමට ද ඒ සමඟ තීන්දු කර තිබේ.

රජයේ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් මර්දනය සඳහා මෙතෙක් කරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට කරුණු දක්වා තිබිණි.

ඒ අනුව කළ මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *