කොවිඩ් මර්දනය කළ රට දියුණු කරන්න නම් මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න ම වෙනවා…! – සාගර…

October 26, 2021 at 4:37 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

රජය විසින් මේ වන විට කොවිඩ් මර්දන කටයුතු ඉතා සාර්ථක ලෙස සිදු කරන අතර ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාම රජයේ මීළඟ පියවර බව ද පෙන්වා දුන් මහ ලේකම්වරයා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමට ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කළ ද ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් නොගෙන ඇති බව ද ඔහු පැවසීය.

රට තුළ උද්ගතව තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙන තමන්ට වාහන ආනයනය කිරීමේ තීරණය අවලංගු කරන ලෙස මෙයට පෙර මන්ත්‍රීවරුන් විසින් ම ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *