කොවිඩ් මරණ 50%කින් ආසාදිතයින් 30%කින් වැඩි වෙලා…! කොවිඩ් මර්දනය කළ හැක්කේ බෝවීම වළක්වා ගැනීමෙන් පමණයි…! – කොවිඩ් මර්දන ඇමැති…

August 11, 2021 at 4:33 pm | by emanisa.lk

කොවිඩ්  මරණ සියයට 48.8කින් ඉහළ ගොස් ඇතැයි කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී,  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

කොවිඩ්  රෝගීන් වාර්තා වීම ද සියයට 30කින් ඉහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.

රට දැන් තිබෙන්නේ බරපතළ අවදානමක යැයි පැවසූ රාජ්‍ය  ඇමතිවරිය අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙසට   ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කළාය.

මේ මාසය ඉතා අවදානම් බවත් කොවිඩ්  මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය  වැළඳීම වළක්වා ගැනීම බවත් ඇය පැවසුවාය.

රජය හෝ කවුරුන් හෝ නීති දානකම් බලන් නොසිට තමන් තමන් ආරක්ෂා විය යුතු බවත් අනවශ්‍ය ගමන් බිමන් සියල්ල  නවතා දමන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමැති  ප්‍රනාන්දුපුල්ලේ කීවාය.

ඔබගේ පවුල ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙන්නේ ඔබ අතේ යැයි රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස