කොවිඩ් පාලනය වගේ ම ආර්ථිකයත් වැදගත්…! සංචාරකයින්ට ආයෝජකයින්ට ඇඳිරි නීතිය අදාළ නෑ….!

August 24, 2021 at 1:54 pm | by emanisa.lk

සංචාරකයින්ට සහ ආයෝජකයින්ට නිරෝධායන ඇඳිරි නීතිය බලපන්නේ නැති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම ක්ෂේත්‍රවලට කටයුතු කිරීමට අවසර ලැබෙන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරේ ම ආර්ථිකය නංවමින් රටේ කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාව බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව අදාල අවසරයන් එම ක්ෂේත්‍රවලට ලැබෙන බව ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද (24) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී ජපන් නියෝජිතයින් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *