කොවිඩ් පාලනය ගිලිහුණා….! තව ආදාහනාගාර හදන්න වෙයි….! රට ඉන්දියාවක් වෙන එක වළක්වන්න බෑ…!

August 8, 2021 at 9:37 am | by emanisa.lk

කොවිඩ් පාලනය මේ වන විටත් බලධාරීන් අතින් ගිලිහී අවසන් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය තවත් භයානක වනු ඇති බවත් ආදාහනාගාර ඉදිකිරීමට හැර කිසිදු විකල්පයක් ඉතිරි වී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේ දී අපට දැකගත හැකි වනු ඇත්තේ ඉන්දියාවක් බවත් හෙතෙම සඳහන් කරයි.

කොවිඩ් කාර්යසාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් නිසි කලට නිසි තීන්දු නොගැනීම නිසා මේ තත්ත්වය උදා වූ බව උපුල් රෝහණ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස