කොවිඩ් පාලනයට රෑට ඇඳිරි නීතිය දැමීම විහිළුවක්…! වැදගත් මිනිස් ජීවිත මිස ආර්ථිකය නෙමෙයි…! – රාජිත…

August 16, 2021 at 2:40 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා රාත්‍රියට ඇඳිරි නීතිය පනවා පලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

කොවිඩ් වැඩි වශයෙන් බෝ වන්නේ දවල්ට බවත් රාත්‍රීයට බෝ වන්නේ මැලේරියාව වැනි රෝග බවත් ඔහු අනාවරණය කරයි.

ජනතාවගේ සංචරණය වැඩි දවල්ට බවත් බස් එකේ දුම්රියේ ජනතාව වැඩට යන්නේ දහවලට බවත් රාජිත සේනාරත්න සඳහන් කරයි.

දේශප්‍රේමය යනු ජනතාවට ආදරය කිරීම බවත් රැකගත යුත්තේ මිනිස් ජීවිත මිස ආර්ථිකය නොවන බවත් ඔහු අවධාරණය කළේ ය.

අද (16) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *