කොවිඩ් ප්‍රතිකාර ඇඳන් වැඩි කරන වැඩේ බැසිල් අතට ගනී…! දින දහයෙන් රට පුරා ඇඳන් 10 000ක් සකසයි…!

May 8, 2021 at 7:50 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ආණ්ඩුකාරවරුන්ගේ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙන ඇත.

මෙම ඇඳන් දස දහසට අමතරව දිස්ත‍්‍රික්ක මට්ටමින් අමතර ප‍්‍රතිකාර ස්ථාන හඳුනාගෙන ඒවාට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ සැපයීමේ වගකීම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට පවරන ලදී.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ විසින් රෝහල්වල පවතින තාක්ෂණික අඩුපාඩු සකස් කරදීම සඳහා ස්වෙච්ඡා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද බැසිල් රාජපක්ෂ පැවැසීය.

අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම කරුණු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස