කොවිඩ් පරදවන්න ඕන නම් සජිත් අනුර ඇතුළත් කමිටුවක් පත් කරනු…! – හරීන්….

September 3, 2021 at 12:51 pm | by emanisa.lk

කොරෝනා වසංගතය හමුවේ රටේ දුර්වල වී ඇති අංශ ශක්තිමත් කර අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ශ්ව අදාළ කමිටුවට ඇතුලත් විය යුතු බවයි.

කමිටුවක් හරහා රටේ ඉදිරි තීන්දු තීරණ ගැනීමේ දි ජනතාව තූළ යම් විශ්වාසයක් ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

විදේශ රටවලට පවා ශ්‍රී ලංකාව ණය දුන් රටක් බවත් වසර 70ක් තිස්සේ එම රට විනාශ කළේ දේශපාලකයන් බව ජනතාව පැවසීම දේශපාලකයෙක් ලෙස තමා ද එය අනුමත කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

නැසී ගිය මංගල සමරවීර පැවසූ පරිදි ම දේශපාලකයින්ගේ පටු අරමුණු හේතුවෙන් එලෙස වූ බවත් ජනතාවට ඔවුන්ව තෝරාගැනීම වෙනුවෙන් දොස් පැවරිය නොහැකි බවත් ඔහු මෙහි දී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *