කොවිඩ් පරදන අලුත් ඖෂධයක් එයි…! මරණ සහ රෝහල්ගතවීම් අවම කරයි…! කොවිඩ් පැතිරීමත් අවම කරවයි..!

August 28, 2021 at 1:54 pm | by emanisa.lk

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ වෙනත් රටවල අනුමැතිය හිමි වූ රෙගන් කෝව් ටු නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුව ඇත.

මෙරට කොවිඩ් ප්‍රභේධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙම ඖෂධය මගින් කොරෝනා මරණ අඩු කරගත හැකි බවයි.

විශේෂයෙන්ම දැඩි අවදානමක් සහිත කොරෝනා ආසාදිතයින්ගේ ජීවිත බේරා ගැනීමට එම ඖෂධය ඉවහල් වනු ඇති බව ඔහු නිර්දේශ කර ඇත. එම ඖෂධය ලබාගන්නා පුද්ගලයින්ගෙන් සෙසු පුද්ගලයින්ට කොවිඩ් ව්‍යාප්ත වීම අවම වන බව ද වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *