කොවිඩ් පරදන්න ඕස්ට්‍රේලියාවෙන් දැඩි තීන්දු…! ඕස්ට්‍රේලියාවන්ටත් රටට එන්න තහනම්…! තීන්දුව එරෙහිව විපක්ෂය පාරට බැහැල නෑ…!

May 1, 2021 at 10:03 pm | by emanisa.lk

ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානුවන්ට නැවත සිය රටට පැමිණීම තහනම් කර තිබේ. නීත්‍යානුකූල නොවන ආකාරයට කිසිවෙක් රටට ඇතුළු වුවහොත් වසර 05ක සිර දඬුවම් හෝ දඩයකට යටත් වීමට සිදුවනු ඇතැයි බලධාරීහු අනතුරු අඟවති.

ඕස්ට්‍රේලියාව මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ වර්තමාන ඉන්දියානු කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම උදෙසා ය.

මෙම තීන්දුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ද හිමිව ඇති අතර කෙසේ වුව ද සිය රට වැසියන් ගුවන් යානා යොදවා ක්‍රිස්මස් දූපත වෙත ගෙන්වා නිරෝධායනය සඳහා සැලසුම් සකස් කිරීම උචිත බව ඔවුන් පෙන්වා දී තිබේ.

මේ වන විට 9000කට අධික ඕස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ සිටින අතර ඉන් 600ක් පමණ දැඩි අවදානම් තත්ත්වයක පසුවන බව වාර්තා වෙයි.

මේ වන විට ලොව වැඩි ම දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *