කොවිඩ් නීතියට ගරු කරමින් ජනතාව සමඟ මහ පාරේ විරෝධතා කරනවා….! – සජිත්…

July 8, 2021 at 10:27 pm | by emanisa.lk

සමගි ජන බලවේගය කොවිඩ් නීති රෙගුලාසිවලට ගරු කරමින් ජනතාව සමග මහ පාරේ සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ රටේ ගොවි ජනතාවගේ ධීවර ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලැබෙන තුරු තමන් විරෝධතා සිදුකරන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ය.

පාර්ලිමේන්තු පිවිසුම අසල ජනතාවගේ උද්ඝෝෂණ අයිතිය රැක ගැනීමෙ වෙනුවෙන් අද (08) විරෝධතාවක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය අංශ විසින් නිරෝධායන නීති යටතේ උද්ඝෝෂණ විරෝධතා තහනම් කර තිබුණ ද තමන් විරෝධතා කරන බව සඳහන් කළ විපක්ෂ නායකවරයා හැකි නම් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස ද අභියෝග කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස