කොවිඩ් නිසා නැවත රට වහන්න නොවුණොත් දුන් පොරොන්දු සියල්ල ඉටු කරනවා…! – ජනපති…

November 25, 2021 at 7:39 am | by emanisalk

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන පාලනය කිරීමට හැකිවුවහොත්  ජනතාවට ලබාදුන් පොරොන්දු සහ සියලුම ව්‍යාපෘති කඩිනමින්ම අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ දී අද (24)  පැවසිය.

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් ආණ්ඩුව රට වෙනුවෙන් බොහෝ දේ කළ බවත් තමන් හෝ තමන්ගේ  ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය විපක්ෂය ද කියා තමන් ජනතාවගෙන් විමසා සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කලේය.

විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුවේදී සහ ජනතාව ඉදිරියේදිත් කතා කරන්නේ ජීවිතයට ආණ්ඩු බලයේ නොසිටපු අය මෙන් බවත් ඔවුන් අවුරුදු පහක් රට පාලනය කර සිදුකළ විනාශය ජනතාවට අමතක නොමැති බවත්  ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ‘කල්‍යාණී රන් පිවිසුම‘ ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පස්වරුවේ  එක්වෙමින් ජනාධිපති රාජපක්ෂ මේ බව පැවසීය.

“පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනයේ හිටියේ. එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපිට යුද්ධය දිනන්න පුළුවන් වුණේ. එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. යුද්ධයෙන් පස්සේ කිසිදු දෙයක් සිදු නොවුණේ ඒ නිසයි.

නමුත් ඒ අය බලයට පත්වෙලා බුද්ධි සේවාවන් ඇති කරලා, රණවිරුවන් නැති කරලා ඔවුන්ගේ මානසිකත්වයක් කඩාදාලා අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න කියපු නිසා   පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදුවුණා . ඒ අයම ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයො කවුද කියලා. එවකට හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය මේකට වගකිව යන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. මේ පිළිබඳව වාර්තා අපි පාර්ලිමේන්තුවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.

පසුගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් කරන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. එක පැත්තකින් අධිකරණයේ ස්වාධීනත්වය ඉල්ලනකොට අහවලාට දඬුවම් දෙන්න කියලා අපිට කියන්න බැහැ. ඒක අධිකරණය කරයි. අපිට ඒ ගැන විශ්වාසයක් තියෙනවා . ඒක කමිඩිනමින් කරන්න ඕනනම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා මේවාට වග කියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරන්න. ඒ කරන වැරදි තවත් නොකරන විදිහට කරන්න පුළුවන්. ඒක නම් ඉල්ලන්නේ අපිට ඒක කරන්න තුනෙන් දෙකක බලයක් තියෙනවා ඒ නිසා එක එක දේවල් ඉල්ලද්දී ටිකක් පරිස්සම් වෙන්න වෙයි. ඒවටත් අපි ලෑස්තියි කියලා මේ අවස්ථාවෙදි කියනවා.

ඒ වගේම මේවට ජනතාව රැවටෙන්න එපා කියලා අපි කියනවා. මම හොඳ නැත්නම් අපේ ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය විපක්ෂයද කියලා අපි ජනතාවගෙන් අහනවා. දැන් අවුරුදු පහක් පාලනය කරපු හැටි අපි දැක්කා. එදා කිව්වා ගෝඨාභය රාජපක්ෂට දිනන්න බැහැ මොකද සුළු ජාතීන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ නැහැ කිව්වා.

අපි දිනුවේ නැද්ද අපි මේ රටේ රටේ යුද්ධය අවසාන කළාටත් වඩා තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් මෙවර ජනතාව අපට ලබා දුන්නා. මාව ඉතා විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේත් පාර්ලිමේන්තුවේ අපට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නෙත් ඔය කියන කණ්ඩායමේ අසාර්ථකත්වය දුර්වල පාලනය ඒ අයගේ පළිගැනීම් ජනතාව පිළිකුල් කළ නිසයි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස