කොවිඩ් නිසා පොහොර ප්‍රශ්නයක් ඇති වුණේ ලංකාවේ විතරයි…! – හඳුන්නෙත්ති…

December 8, 2021 at 9:44 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය පැමිණිය ද අපේ අසල්වැසි රටවලට පොහොර ප්‍රශ්නයක් නැතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

අපට වඩා දුප්පත් රටක්ව පැවැති බංගලිදේශය අද අපට ණය ලබා දෙන බවත් අසල්වැසි කිසිදු රටකට ඩොලර් ප්‍රශ්නයක් හෝ තෙල් ප්‍රශ්නයක් හෝ පොහොර ප්‍රශ්නයක් හෝ ආහාර ප්‍රශ්නයක් හෝ නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුව රසායනික පොහොර ආනයනය නතර කළේ ඩොලර් නොමැති නිසා බවත් රසායනික පොහොර සඳහා සහනාධාර ලබා නොදී සිටීම ඔස්සේ ආණ්ඩුව ඩොලර් ප්‍රශ්නයෙන් ද වකුගඩු ප්‍රශ්නයෙන් ද එකවර නිදහස් වූ බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *