කොවිඩ් නිසා නිවසේ සිර වූ දරුවන් මානසික පීඩනයට ලක් කරන්න එපා…! – අගමැති ජනතාවගෙන් ඉල්ලයි…

October 1, 2021 at 9:01 am | by emanisa.lk

ගෝළීය කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් යාම ද දුව පැන සෙල්ලම් කිරීම ද අහිමිව නිවසට සිර වී සිටින දරුවන් නිවසේ දී මානසික පීඩනයට හසු නොවන ආකාරයට රැකබලා ගැනීමට වැඩිහිටියන් උනන්දු විය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අදට (01) යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලයේ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සඳහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම තමන් ලද ජයග්‍රහණයක් බවත් එහි සඳහන් වෙයි.

දරුවන් සඳහා අවශ්‍ය කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් එය කඩිනමින් අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *