කොවිඩ් නිසා කිරිපිටි ආනයනය සීමා වෙලා…! එය අපේ කිරි කර්මාන්තයේ දියුණුවට යොදාගත යුතුයි…! – බන්දුල…

July 23, 2021 at 9:30 am | by emanisa.lk

නැව් ගාස්තු ඉහළ යාම නිසා ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

“කිරිපිටි ආනයනය සීමා වෙනවා නම් කරන්න දෙයක් නෑ, ඒක ලෝකයේ පවතින යතාර්ථයනෙ. අපි මේ ලෝකයම කොවිඩ් 19 වසංගතය යටතේ කන්ටේනර් ගාස්තු ඩොලර් 300 තිබුණු එක 1200ට වැඩිවෙලා තිබෙනවා.

කන්ටේනර් හිඟවෙලා තියෙනවා. ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. ලෝකයේ හැම රටකම භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලේ වගේ ඉහළ යනවා.

ඒ වගේ අවස්ථාවලදී රටට තියෙන විසඳුම ආනයනය කරන කිරිපිටි මත රඳාගෙන සිටීම නෙවෙයි. පුළුවන් තරම් දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමයි. මොකද මුහුද දිහා කට අයාගෙන හිටියොත් දුෂ්කර අවස්ථාවකදී ඒ රටේ ජනතාවට ඒ පීඩාව විඳින්න සිද්ධ වෙනවා.”

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මේ බව පැවසුවේ ඊයේ (22) හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *