කොවිඩ් දේහ ආදාහනයෙන් අගතියට පත් පවුල්වලට වන්දි…!

September 2, 2024 at 3:56 pm | by emanisa.lk

කොරෝනා සමයේ මියගිය මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීමෙන් අසාධාරණයට ලක්වූ පවුල්වලට වන්දි ගෙවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුස්ලිම් මෘතදේහ ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට ද කටයුතු කරන බව ද හෙතෙම කීය.

දේහයන් ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජනතාව මුහුණ දුන් අසීරුතාව පිළිබඳ කනගාටුවට පත්වන බව කී හෙතෙම පුද්ගල කැමැත්ත මත භූමදානය හෝ ආදාහනය කිරිමට හැකි වන අයුරින් නව නීතියක් ගෙන එන බව ද ප්‍රකාශ කළේ ය.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය දා පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ය.

රටක් ලෙස ඉදිරියට යෑමේදී ජාතිවාදය සහ ආගම්වාදය අවශ්‍ය නොවන බව කී ජනාධිපතිවරයා සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කැපවිය යුතු බව ද අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *