කොවිඩ් දත්ත විකෘති කර ආණ්ඩුව පෙරළන සැලසුමක්…! වහා ම පරීක්ෂණ ඇරඹෙයි…! සියයට තුනේ කට්ටියටත් චෝදනා….!

June 20, 2021 at 11:26 pm | by emanisa.lk

මෙරට කොවිඩ් වසංගතයට පිළිබඳ වැරදි දත්ත සපයන ලද නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යය චන්න ජයසුමන සඳහන් කරයි.

දත්ත වෙනස්කර ආණ්ඩුව පෙරළීමට හැකි යැයි සිතන සුළු පිරිසක් මෙවැනි ක්‍රියා සිදු කරනු ඇති බවට ද අමාත්‍යවරයා සැක පළ කළේ ය.

“රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණකාරයෝ කඩාකප්පල්කාරයෝ ඉන්නවා. ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා.

එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සරහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස