කොවිඩ් තව ම පාලනය වෙලා නෑ…! පොදු ප්‍රවාහන සේවා එපා…! ජනතාව දැන්වත් පරිස්සම් වන්න…! – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

October 19, 2021 at 8:08 am | by emanisa.lk

කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩි ලෙස හේතුවිය හැකි බවද හෙතෙම සඳහන් කළේ‍ය.

පසුගිය සති අන්තයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබුණු ජන ඒකරාශීවීම්, නැවත රටේ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය විමට හේතුවක් විය හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේ දී හෝ වඩාත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *