කොවිඩ් කියන්නේ 80%කට ඉබේ හොඳ වෙන හෙම්බිරිස්සාවක්…! හැමෝට ම එන්නත් ලබා දීම අපරාධයක්….! – තිස්ස විතාරණ….

July 16, 2021 at 11:14 am | by emanisa.lk

මෙරට සියලු ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බව වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන, හිටපු අමාත්‍ය තිස්ස විතාරණ සඳහන් කරයි.

වයස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට පමණක් එන්නත ලබාදීමට ප්‍රමාණවත් බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම වෛරසයෙන් 80% වැඩි පිරිසකට බලපෑම ඉතා ම අඩු බවත් එය සෙම්ප්‍රතිශ්‍යව හැදීමෙන් ඇති වන තත්ත්වයට සමාන බවත් ඔහු අනාවරණය කරයි.

ජනගහනයෙන් 80% කට ප්‍රතිශක්තියට ඉබේ ම හට ගන්නා බව පැවසූ තිස්ස විතරණ සියලු දෙනාට ම එන්නත් ලබා දීම මුදල් නාස්තියක් යැයි ද කියා සිටියේය.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ ඉතා ම අඩු අගයක යයි ද ඔහු තව දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *