කොවිඩ් කාලේ ගුරු වැටුප් ගෙවන්න රු. කෝටි 16 000ක් ගිහින්…!

October 20, 2021 at 8:06 am | by emanisa.lk

වසංගතය පැතිර යෑමත් සමඟ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටුණත් ගුරු හා විදුහල්පති වැටුප් සත පහකින් හෝ අඩු නොකොට ගෙවා දැමීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි 16,000කට අධික මුදල් කන්දරාවක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ ඉකුත් මාස තුනේදී පමණක් ඒ සඳහා වැය කර ඇති මුදල කෝටි 2,700 ඉක්මවා ඇතැයි ගණන් බලා තිබේ.

සාමාන්‍යයෙන් වසරකට පාසල් පවත්වන දින ගණන 210කි. 2020 වසරේ මාර්තු මස සිට රට තුළ වසංගතය පැතිර යෑම නිසා ඉකුත් මාස 18දීම පාසල් පවත්වා ඇත්තේ දින අනූවකට වඩා අඩු දින ගණනක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *