කොවිඩ් එන්නත ළඟම රජයේ රෝහලින්….!

June 27, 2021 at 4:49 pm | by emanisa.lk

දිවයිනේ සියලු ම රජයේ රෝහල්වලින් කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

එන්නත් තවත් තොග ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු වහා ම එම වැඩපිළිවෙළ අරඹන බවත් ඔහු ප්‍රකාශ කළේ‍ය.

එන්නත් තොග ලැබුණු වහා එන්නත්කරණය කරන රෝහල් සහ එම කටයුතු සිදු කරන වේලාව ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේ ය.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එහි දී වැඩි අවධානය යොමු කෙරෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *