එන්නත මරණ මෙන් ම කොවිඩ් පැතිරීමත් වළක්වයි…! මාත්‍රා දෙකම ගත් විට කොවිඩ් බෝ කිරීමේ හැකියාව 35%යි…! – ආචාර්ය චන්දිම ජීවන්දර

August 21, 2021 at 7:22 am | by emanisa.lk

කොවිඩ් වෛරසය මර්දනය සඳහා නිර්දේශිත එන්නත් මාත්‍රා දෙක ම ගත් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සියයට 65කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

පුද්ගලයකුට කොවිඩ් ආසාදිත වූ මොහොතේ සිට පැය 12කට පසු තවත් පුද්ගලයකුට වෛරසය ආසාදනය කිරීමේ හැකියාව තිබෙන නමුත් ඩෙල්ටා ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට ආසාදනය ඇරඹෙන්නේ දින දෙකක කටකාලයකට පසුව බවද චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

මෙතෙක් පැවති කොවිඩ් ප්‍රභේද ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින තුනක පමණ කාලයක් ගත කළත්, ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින පහමාරත් හයත් අතර කාලයක් ගත කරන බවත් හෙතෙම පැවසීය.

ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය චීනයෙන් සොයා ගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක්ද ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක්ද වන අතර රෝග පාලනය සහ රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බව ද චන්දිම ජීවන්දර වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *