කොවිඩ් එන්නත් අනිවාර්ය කෙරේ…! නොගත් අය අල්ලන්න මෙහෙයුම්….!

August 1, 2021 at 1:53 pm | by emanisa.lk

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ‍්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව කොවිඞ් පාලන එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් පිළිබඳව ග‍්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සොයා බැලීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

තම කැමැත්ත අකැමැත්ත මත නොව, වයස අවුරුදු තිහට වැඩි සියලු පුද්ගලයින් එන්නත්කරණය සිදුකර ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ද, මේ සඳහා අවශ්‍ය රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සලකා බලන බව ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *