කොවිඩ් එන්නතට එරෙහි ආගමික අන්තවාදය ලංකාවටත් රිංගයි…! එන්නත්කරණය ආගමින් තහනම් බවට දෙසති….!

August 14, 2021 at 9:50 am | by emanisa.lk

ඇතැම් ක්‍රිස්තියානි පූජක කණ්ඩායම් ජනතාව අතර කොවිඩ් එන්නතට එරෙහිව දුර්මත පතුරුවන බවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි කවුන්සිලය චෝදනා කරයි.

මෙම පූජක කණ්ඩායම් සිය දේව මෙහෙයන් සඳහා සහභාගී වන ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා ලෙස බලපෑම් කරන බවට ක්‍රිස්තියානි කවුන්සිලයේ සභාපති දේවගැති ජානක කුමාරතුංග පවසයි.

මෙම පූජක පිරිස කිසියම් නිකායකට අයත් පිරිසක් නොව තනි තනිව කටයුතු කරන කණ්ඩායමක් බව ද බයිබලය එන්නත් ලබා ගැනීම තහනම් කර ඇති බවට ඔවුන් දේශනා කරන බව ද ඔහු අනාවරණය කරයි.

බයිබලය වැරදි ලෙස අර්ථකතනය කරන මෙම කණ්ඩායම්වලට නොරැවටෙන ලෙසත් බයිබලයෙහි එවැනි එන්නත් තහනමක් නොමැති බවත් දේවගැති ජානක කුමාරතුංග අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *