කොවිඩ් ආසාදිතයින් 4000ට ළංවෙද්දී දෛනික කොවිඩ් මරණ 200ට ළං වෙයි…!

August 21, 2021 at 10:27 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිත රෝගීන් 3,884 දෙනකු අද(21) හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,85,687 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිතවූ තවත් 198 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.

මිය ගිය අයගෙන් 154 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන 44 දෙනෙක් ද වෙති.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,183 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *