කොවිඩ් ආසාදිතයින් මහ වැසි මැද MOH මිදුලේ…! කොවිඩ් නිව්මෝනියාව වැළඳුණොත් වගකියන්නේ කවුද?

November 10, 2021 at 7:47 am | by emanisa.lk

රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන්⁣ පසු කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මහ පාරේ වැස්සෙන් බේරීමට පුටුවලින් හිස ආවරණයක් සේ තබාගෙන සිටියහ.

පරීක්ෂණය අවසන් වූ විගස තම වාර්තාව ලබා දුන්නේ නම් මෙවැනි පීඩාවකට පත්වීමට සිදු නොවුණ ඇති බව පවසූ කොවිඩ් ආසාදිත වූවෝ අදාල වෛද්‍යවරයාගේ වාර්තාව ලැබෙන තුරු පැය තුන හතරක් මෙසේ රැඳී සිටීමට සිදුවීම කනගාටුවට කරුණක් බව සඳහන් කළහ.

මෙය සම්බන්ධව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ඒ මේ සම්බන්ධයෙන් තමන්ට ද දැනගන්නට ලැබුණු බවත් මින් ඉදිරියට එවැනි පීඩාවකට ලක්වීමට ඉඩ නොතැබීමට අවශ්‍ය පියවර ගත් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *