කොවිඩ් ආශ්‍රිත තවත් මරණ 44ක්…! දෛනික වැඩි ම මරණ වාර්තාව යළි අලුත් වෙයි….!

May 22, 2021 at 10:04 am | by emanisa.lk

ඉකුත් 24 පැය තුළ කොරෝනා ආසාදනය වී සිදු වූ මරණ 44ක් හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මැයි 2 සිට මැයි 20 දක්වා අතර කාලයේ සිදු වූ මරණවලින් මෙම ආසාදිතයන් හඳුනා ගෙන ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1132 දක්වා ඉහළ ගියේ ය.

ඔවුන්ගෙන් 23 දෙනකු වයස අවුරුදු 71 ඉක්මවුවෝ වෙති. වයස අවුරුදු 61 සහ 70 අතර 11 දෙනකුද, වයස අවුරුදු 51 – 60 අතර හත් දෙනකුද, 31 – 40 අතර දෙදෙනකුද 21 – 30 අතර එක් අයකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි. මියගිය අය අතර පිරිමි 30ක් සහ කාන්තාවෝ 14ක් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *