කොවිඩ් අවදානම පහව ගොස් නෑ…! කඨින පෙරහැර කරවීම තහනම්…! චීවර පූජා, දාන පිංකම්වලටත් උපරිම 20යි…!

October 15, 2021 at 8:17 am | by emanisa.lk

කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැකි බවත් කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමට හැකි බවත් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම උපරිම සැදැහැවතුන් 20 දෙනකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම කල යුතු බවත් කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මෙම වසරේ දී ද කඨින චීවර පූජාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව බෞද්ධ ජනතාවට දැනුම් දී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *