කොරෝනා සුව වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළඳෙයි!

May 2, 2020 at 4:59 pm | by emanisa.lk

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න පවසයි.

ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

ඉන් අනතුරුව නිවසේ දී නිරෝධනය වෙමින් සිට ඇති හදවත් රෝගියකු වු මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී එම රෝගියාට නැවත PCR පරීක්ෂණය සිදු කර ඇත.

එහිදී (02) අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස