කොරෝනා සමාජගත වෙලා ද? නිසි සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිලි කිරීම මෙන්න..

October 24, 2020 at 9:43 am | by emanisa.lk

ඕනෑ ම රෝගයක ආසාදිතයන් හමු වන්නේ සමාජයෙන් බවත් සමාජයේ කොරෝනා ආසාදිතයන් හමු පමණින් රෝගය සමාජගත වූයේ යැයි කිව නොහැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

පොකුරක් ලෙස හඳුන්වන්නේ යම් අයෙකුට රෝගය වැළඳී ඔහු ආශ්‍රිතව යම් පිරිසකට යම් කාලයක් තුළ රෝගය පැතිරීම බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම පවසයි.

එසේ ම කොරෝනා සමාජගවීම ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දක්වන්නේ හේතු දෙකක් පදනම් කරගෙන බව ද ඔහු පෙන්වා දෙයි. ඒ සමාජයෙන් රෝගය වැළඳුනු ආකාරය හඳුනාගත නොහැකි විශාල රෝගීන් ප්‍රමාණයක් හමු වීම සහ රට පුරා රෝහල්වලින් එවැනි මූලයක් නොමැති රෝගීන් හමු වීම ය.

එවැනි අවස්ථාවක කොරෝනා රෝගය සමාජගත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්ණායක අනුව කිව හැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

දෙරණ නාළිකාවේ සාකච්ඡාවකට එකතු වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ය.

වීඩියෝව..

https://www.facebook.com/watch/?v=2808886562767710

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස