කොරෝනා සමග ඉදිරියට යන්න සූදානම්! 160ක් කොරියාවේ රැකියාවට පිටත්වෙති!

May 27, 2020 at 9:42 am | by emanisa.lk

කොරෝනා වයිරස තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු විදේශ රැකියා සඳහා පිටත්ව යාම නැවත ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මගීන් 160 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර බලා අද (27) උදෑසන පිටත්ව ගියේය.

මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 වර්ගයේ ගුවන් යානයකින් මෙම පිරිස පිටත්ව ගිය බව මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය සඳහන් කළේය.

මෙම පිරිස දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිට නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි පිරිසක් බවත් මොවුන් සියලු දෙනා මාර්තු 10 වෙනි දිනට පෙර මෙරටට පැමිණි පිරිසක් බවත් වාර්තා වෙයි.

මෙම රැකිලාභීන් සියලු දෙනා කොරියාවට ගිය පසු එහිදීද දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස