කොරෝනා වසංගතය ගැන විමසන්න සහ දැනුම් දෙන්න අංකයක්!

March 15, 2020 at 6:10 pm | by emanisa.lk

කොරෝනා වෛරස වසංගත තත්ත්වය පිළිබඳ මහ ජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ජනාධිපති කාර්ය සාධන බලකාය නිවේදනය කරයි.

අද (15) රාත්‍රී 08.00න් පසුව මෙම දුරකථන අංකය විවෘතව තැබෙන බව ද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

කොරෝනා වසංගතය පිළිබඳ ජනතාව අතර පැතිර යන කටකතා මත විශ්වාසය නොතබා මෙම අංක අමතා ඒ පිළිබඳ නවතම තොරතුරු සහ ඕනෑම කරුණක් පිළිබඳ දැනුම්වත් වීමට හෝ තමන් දන්නා තොරතුරු දැනුම් දීමට හැකිය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස