කොරෝනා වසංගතයෙන් ලොව පුරා දහස් ගණනින් මැරී වැටෙද්දී කනත්ත බලෙන් අල්ලගෙන කෙසෙල් වවලා!

May 8, 2020 at 8:31 am | by emanisa.lk

කොරෝනා වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පනවා ඇති ඇඳිරි නීතිය පසෙකලා නාවලපිටිය ඉඹුල්පිටිය ප‍්‍රදේශවාසීන් පොදු සුසාන භූමිය රැුක ගැනීම සඳහා පොදු සුසාන භුමියට 07 දින එක්රැස් විය.

අක්කර 4 ක වපසරියකින් යුත් ඉඹුල්පිටිය පොදු සුසාන භුමියට අවට පදිංචි කිහිප දෙනෙකු විසින් අනවසරෙන් අල්ලාගෙන වගා කටයුතු වල නියැලෙන බවත්, පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ පොදු සුසාන භුමියේ ආසන්නයේ පදිංචිකරුවෙකු විසින් ඉඩමෙන් විශාල කොටසක් අල්ලා කෙසෙල් පැළ සිටුවා ඉඩම අල්ලා ගැනීමට උත්සහ කරන බව ඉඹුල්පිටිය ප‍්‍රදේශවාසීහු පවසති.

ඉඹුල්පිටිය ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතාව නොතකා එම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු පොදු සුසාන භුමිය සුද්ද පවිත‍්‍ර කිරීම හේතුවෙන් ඉඹුල්පිටිය ප‍්‍රදේශවාසීන් විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇති විය.

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් පොදු සුසාන භුමියට පැමිණි පදිංචිකරුවන්ව ආපසු හරවා යැවීමටත්, අනවසරෙන් පොදු සුසාන භූමිය අල්ලා ගැනීමට උත්සහ කළ අයට තවදුරටත් පොදු සුසාන භූමිය සුද්ද පවිත‍්‍ර නොකරන ලෙස පොලිසිය විසින් අවවාද කිරීමත් සමග පොදු සුසාන භුමියට එක් රැස් වූ ගම්වාසීන් ආපසු නිවාස කරා ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව