කොරෝනා වසංගතයෙන් ලංකාව දරිද්‍රතාවයේ පතුලටම වැටෙනවා! – ලෝක බැංකුව

April 4, 2020 at 8:21 am | by emanisa.lk

කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීම හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු හා නැගෙනහිර ආසියානු රටවලට දරිද්‍රතාවේ වේදනාව අත්විදීමට සිදුවනු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවයි.

දැනටමත් මෙම කලාපයන්හි කෝටි දෙකහමාරක පමණ ජනතාවක් වසංගතය හේතුවෙන් දරිද්‍රතාවයේ පතුලටම ඇදවැටී ඇති බවද ලෝක බැංකුව නිවේදනය කරයි.

මේ තත්ත්වය මත මෙම වසරක කාලය ඇතුළත කලාපය තුළ තවත් මිලියන 11 ක පමණ ජනතාවක් දිළිඳු බවේ සීමාවෙන් පහතට ඇද ගත්තු ඇති බවද මහ බැංකුව පුරෝකථනය කරයි.

කෙසේ නමුත් මින් පෙර නොවූ ආකාරයේ කැපවීමක් සහ වේගයක් සහිතව කටයුතු කළහොත් මෙම ආර්ථික අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමට අවස්ථාවක් ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස