කොරෝනා රෝගයට ප්‍රතිකාර කරන නිසා හෙදියන්ට නවාතැන් පවා නැති වෙලා! – හෙද අධ්‍යයක්ෂිකා

April 30, 2020 at 5:26 pm | by emanisa.lk

කොරෝනා වෛරස මැඩලීමේ සටනේ විශාල කාර්යභාරයක් ඉටුකරන රෝහල් හෙද කාර්ය මණ්ඩලවලට රෝගීන්ට ප්‍රතිකාර කිරීම අතරතුර සමාජ ප්‍රශ්න ගණනාවකටද මුහුණදීමට සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂිකා එම්.බී.සී සමන්මලී පවසයි.

ඔවුන්ට නිවසේදී සිය දරුවන්ගෙන් සහ සමීපතමයන්ගෙන් ඈත්ව සිටීමට සිදුව ඇති බවත් ඇතැමුන් තම දරුවන් දෙමාපියන්ට භාර දී ඇති බවත් ඇය සඳහන් කළාය.

එසේම ඇතැම් හෙදියන්ට සිය නවාතැන් පවා අහිමි වී ඇති බවත් පොදු ප්‍රවාහනයේදී විවිධ අපහසුතාවලට ලක් වීමට සිදුව ඇතැයි ද ඇය පැවසුවාය.

රෝගීන්ට ප්‍රතිකාර කළ පමණින් රෝගය බෝ නොවන බවත් හෙද කාර්ය මණ්ඩල රෝගීන් වෙත යන්නේ ආරක්ෂිත ඇඳුම් හැඳ බවත් සඳහන් කළ සමන්මලී පෙන්වා දුන්නේ මෙම ඇතැම් ගැටලුවලට හේතුව සමාජීය නොදැනුම්වත්භාවය බවයි.

අද (30) පෙරවරුවේ අද දෙරණ BIG FOCUS සංවාදයට එකතු වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස