කොරෝනා මෘතදේහ භූමදානයට කරුණු 07ක් මත පදනම්ව අවසර දුන්නා…! – මහාචාර්ය ජෙනිෆර් පෙරේරා

February 14, 2021 at 3:19 pm | by emanisa.lk

කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමට කරුණු 07 ක් මත පදනම්ව අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඒ සඳහා පත්කළ විද්වත් කමිටුවේ සභාපතිනී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පවසයි.

පසුගිය දෙසැම්බර් 24 වැනිදා මෙම කමිටුව පත්කළ අතර ඉතා ඉක්මනින් නිර්දේශ අවශ්‍ය බව දැනුම් දුන් හෙයින් දෙසැම්බර් 28 වැනිදා වන විට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව ඇය අනාවරණය කරයි.

භූගත ජලය හරහා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් විදෙස් රටවල් කිහිපයක සිදුකළ එවැනි පරීක්ෂණ ද ඒ සඳහා පදනම් කර ගත් බව මහාචාර්යවරිය පවසයි.

ඒ අනුව ජෙනිෆර් පෙරේරා කමිටුව ලබා දී ඇති නිර්දේශ මෙසේ ය.

1. භූමදානය කරන සිරුරක් නම් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත්කළ යුතුය. ඔහු එම කටයුත්ත අධීක්ෂණය කළ යුතුය.
2. භූමදානය කරන සිරුර එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාමට අවසර නොලැබේ.
3. පැය 24 ක් තුළ භූමදානය හෝ ආදාහනය කළ යුතුය.
4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මෘත දේහය ආරක්ෂිත දුරකින් සිට මිනිත්තු 05 ක කාලයක් බැලීමට අවසරය ලබා දිය යුතුය.
5. භූමදානය කරනවා නම් ජලයට නිරාවරණය නොවන ආකාරයේ ඩබල් බොඩි බෑගයක (මළසිරුරු බහාලන බෑග්) ශරීරය තැන්පත් කර එය මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය.
6. ආදාහනය හෝ භූමදානය කරන ස්ථානයට ආගමික නායකයෙකුට පැමිණ ආගමික චාරිත්‍ර ඉටු කිරීමට අවස්ථාව ලබා දිය යුතුය.
7. මිනී පෙට්ටියට බහාලිමෙන් අනතුරුව කිසිම හේතුවක් නිසා එය විවෘත නොකළ යුතුය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *