කොරෝනා මැද රනිල් පක්ෂය සුද්ද කරයි! සජිත් පිලේ සියලු දෙනා එජාපයෙන් පන්නයි!

April 26, 2020 at 8:00 am | by emanisa.lk

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා බාරදුන් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

මීට අමතරව දැනට වෙනත් පක්ෂ සමග එක්ව සිටින එජාපයෙන් තරඟකර පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර ඔවුන් මන්ත‍්‍රි ධුරවලින් ඉවත්කර අලූතින් පිරිසක් පත්කිරීමටත් පක්ෂය තීරණය කළ බවද එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

පක්ෂනායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉකුත් 23දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණ ගනුලැබූ බව අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස