කොරෝනා මැද තවත් හෙනහුරෙක්! ගංගා 10ක ආශ්‍රිතව ගං වතුර අවදානමක්!

May 16, 2020 at 8:53 am | by emanisa.lk

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය (Low Presser Zone) පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, එහි බලපෑම මත දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා දකුණ පළාත්වලට මි.මී. 150ට වඩා වැඩි තද වර්ෂා තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පහත දක්වා ඇති ගංගා ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක පහත් බිම් ආශ්‍රිතව ගංවතු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මෙහිදී ඇති විය හැකි වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාව හා අවධානම රදා පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස