කොරෝනා මැඩලිය හැක්කේ මා වැනි සොවාන් උතුමෙකුට පමණයි! රට බේරගන්න මට බුද්ධ ශාසන උපදේශකකම දෙන්න! – සොවාන් උතුමෙකුගෙන් ජනපතිට ලිපියක්…

March 23, 2020 at 9:41 am | by emanisa.lk

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයෙන් රට බේරාගත හැක්කේ තමන් වැනි සොවාන් උතුමෙකුට පමණක් බව පවසමින් නීල් ධම්මික ගුණසිංහ නැමැත්තකු ජනාධිපතිවරයා වෙත ලිපියක් එවා තිබේ.

මෙවැනි ව්‍යසනයෙක් ඇති වූයේ බුදු දහමට නිසි තැන නොලැබීම සහ සත්‍ය මාර්ගඵල ලාභීන්ට නිසි තැන නොලැබීම නිසා බව ද හෙතෙම අවධාරණය කරයි.

මෙම ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට සොවාන් උතුමෙකු ලෙස තමන් සූදානම් බවත් ඒ සඳහා තමන්ට බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදේශක තනතුරක් අවශ්‍ය බව ද එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස