“කොරෝනා මර්දන කල්ලි පාර්ලිමේන්තුවට ගරහනවා! ජනතාවට හෙණ ගැහුවත් කමක් නෑ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න එක්වෙමු! ” මංගල…

March 31, 2020 at 3:25 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සියලු දෙනා එකතු විය යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා උවදුර මර්දනය කරන මුවාවෙන් ගෝඨා හිතවාදීන් අගමැතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 225 දෙනා සහිත පාර්ලිමේන්තුව වැදගැම්මකට නොමැති සංකල්පයක් ලෙස හුවා දක්වමින් සූක්ෂ්ම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව අවප්‍රමාණ කරමින් සිටින බවය.

සමගි ජනබලවේගය ජනත විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටිය ද පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වෙයන් රැස්වූ පක්ෂ නායක හමුවේ බහුතර පිරිසකගේ අදහස වූයේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවය.

කෙසේ වුවද මංගල සමරවීරගේ ට්විටර් පණිඩිඩයට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර සියලු දෙනාම ඔහුට සහ එජාපයට බැණ වදිමින් අදහස් පළ කර ඇති අතර එක් අයකු විමසා ඇත්තේ පසුගිය පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සක්‍රීියව පැවති පාර්ලිමේන්තුවෙ එය වළක්වා ගැනීමට කුමක් කළේද කියාය.

එහෙත් එම්.ඒ. සුමන්දිරන් මංගල සමරවීරගේ පණිවිඩය අගය කරමින් සිය ගිණුම ඔස්සේ  ද බෙදාහැර තිබේ.

එම පෝස්ටුව සහ ප්‍රතිචාර බලන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස