කොරෝනා මරණ සාජාහි භූමදාන නොකරන්නේ ඉඩමදි නිසා! කොරෝනා ආසාදිත නොවන මරණවලට නම් සාජාවල ඉඩ තියෙනවා! – එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම්බසිය..

April 6, 2020 at 10:47 pm | by emanisa.lk

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙවනුවට විශාලම මහ නගරය වන සාජා නුවර කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම තහනම් කිරීමට එහි පාලකයා වන ආචාර්ය ශෙයික් බින් මොහොමඩ් මුස්ලිම් සබඳතා දෙපාර්තමේන්තුවට නියෝග කළේ නගරයේ ඉඩකඩ මදි නිසා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වර්ග කිලෝ මීටර් 2590ක් විශාල සාජා නගරයේ හැර වෙනත් ස්ථානවල කොරෝනා මෘත දේහ භූමදානයට කිසිදු තහනමක් නැතැයි ද එහි සඳහන් වෙයි.

කෙසේ වුවද ලංකාවේ කොළඹ නගරයේ නාගරික ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 699කි. සම්පූර්ණ කොළඹ දිස්ත්‍රික්කයේම විශාලත්වය වර්ග කිලෝ මිටර් 3684කි. සාජා නගරයේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට පුද්ගලයන් 540ක් වන අතර කොළඹ නගරයේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයට පුද්ගලයන් 20182කි.

කෙසේ වුවද මෙම නගරයේ කොරෝනා ආසාදිත නොවන මෘතදේහ භූමදානය සඳහා ඉඩතිබීම ද කොරෝනා ආසාදිත මරණ භූමදානය සඳහා පමණක් ඉඩමදි වීම ද පුදුම සහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස