කොරෝනා මඩින්න ලෝක නායකයෝ වැඩකළා! ගෝඨා මුකුත් කළේ නෑ! මහ මැතිවරණෙදි පාඩමක් උගන්නන්න! – ජවිපෙ

March 25, 2020 at 7:06 am | by emanisa.lk

කොරෝනා මර්දනයට ලෝක නායකයන් කාලෝචිත දැඩි තීන්දු ගත්ත ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවැනි තීන්දු නොගත් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

එසේ නිවැරදි තීන්දු තීරණ ගත්තේ නම් පිට රටින් ලංකාවට මෙම රෝගය නොපැමිණෙන බව ද මහ මැතිවරණයේදී ජනතාව ඔහුට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බවත් හෙතෙම පවසයි.

ගමේ ග්‍රාමසේවක ඉවත් කර චන්ඩියාට බලය දුන්නත් ඔහුට ද මොළේ නැති බවත් ඉන්ධන මිල අඩු නොකර පරිප්පු මිල අඩු කළේ පරිප්පු කිරට හදා නැත්නම් මිරිසට හදා වාහනවලට ගසන්න දැයි ඔහු ප්‍රශ්න කරයි.

කෙසේ වුවද මේ වන විට ලොව සියලුම රටවලට පාහේ කොරෝනා වසංගතය ආසාදනය වී ඇති අතර බොහෝ රටවල තත්ත්වය ලංකාවට වඩා දරුණුය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස