කොරෝනා මඩින්න නම් වාමාංශික ආණ්ඩුවක් ඕන! කේරළයේ රෝගීන් අඩු ඒකයි! – ජවිපෙ

May 9, 2020 at 10:27 pm | by emanisa.lk

කොරෝනා මඩින්න නම් වාමාංශික ආණ්ඩුවක් ඕන! කේරළයේ රෝගීන් අඩු ඒකයි! – ජවිපෙ

මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කොරෝනා මර්දන කටයුතු ඉතාම හොඳින් කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ෆේස්බුක් සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ඉන්දියාවේ ආසාදිතයන් වැඩි වන විට කේරළයේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවන බවය.

කේරළ ප්‍රාන්ත ආණ්ඩුව පාලනය වන්නේ වාමාංශික ආණ්ඩුවකි. කෙසේ වුවද මෙයට පෙර කියුබාවේ සහ වියට්නාමයේ ද වාමාංශික ආණ්ඩු පවතින නිසා කොරෝනා ව්‍යාප්තිය අඩු බව සඳහන් කළේය.

මේ සුනිල් හඳුන්නෙත්ති තබා ඇති එම ෆේස්බුක් සටහනය.

“කේරලය දෙස බලන්න….

බොහෝ රටවල් කෝවිඩ් 19 තත්වය හමුවේ විවිධ පියවර ගෙන තිබෙනවා. කොවිඞ් 19 වසංගතය හමුවේ ඉන්දියාවෙන් විවිධ වූ අත්දැකීම් දක්නට ලැබෙනවා. බිලියන 1.3ක ජනගහනයක් ඇති රටක වෛරසය පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඇතැමෙකුගේ විවේචනයට ලක්වුණා. ඇතැම්විට දහස් ගණන් මිනිසුන්ට පාගමනින්ම නිවෙස් බලා යාමට බල කෙරී තිබුණා. ඉන්දියාව තුළ ආසාධිතයින් හා මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබියෙදී එක් ප්‍රාන්තයක රටේ සෙසු ප්‍රදේශවලට ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවෙමින් තිබෙන බව පේනවා. එනම් ඉන්දියාවේ නිරිතදිග ප්‍රදේශයේ කේරලයයි. එය Break the Chain ‘දම්වැල බිඳිමු’ නම් සටන්පාඨය ඔස්සේ ජනතාව වසංගතය මැඩලීම සඳහා පෙළගස්වමින් සිටින තැනයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස