හැමදේටම මූදට දත නිය වූ යුගය නිමයි! කොරෝනා මඩින්න ආයුර්වේද ඔසු හඳුන්වා දෙයි!

April 1, 2020 at 4:41 pm | by emanisa.lk

උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ඉපැරණි වට්ටෝරුවක් අනුව සැකසූ කොරෝනා වෛරසය පැතිරීම වළක්වන විෂබීජ නාශකයක් සහ වෛරසය ආසාදිත වූ අයට ලබා දෙන ඖෂධයක් අද (01) සිට බෙදා හැරීමට කටයුතු කර තිබේ.

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද රෝහලේ පර්යේෂකයන් විසින් මෙම ඖෂධය නිපදවා තිබේ.

කොරෝනා වෛරසයට එරෙහි ශරීර ප්‍රතිශක්තිය මෙම ඖෂධය මගින් ඉහළ නැංවිය හැකි බවත් කුඩු වර්ගය නිවස තුළ දැල්වීම මගින් විෂබීජහරණය කළ හැකි බවත් උතුරු මැද පළාත් ආයුර්වේද අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර අල්විස් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස