කොරෝනා මඩින්න ආණ්ඩුවට එජාපයේ පූර්ණ සහාය!

March 27, 2020 at 6:45 pm | by emanisa.lk

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර  සදහා කොන්දේසි විරහිතව සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙම අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදනය කිරිමට පියවර ගන්නා ලෙසයි.

ගෝලීය වශයෙන් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගැනිමේදී මෙය සැහැල්ලුවෙන් සැලකීමට නොහැකි කාරණයක් බව පවසන රනිල් වික්‍රමසිංහ විශේෂයෙන් සමාජ දුරස්තකරණය තවදුරටත් පවත්වාගෙනයාම අතිශය වැදගත් බව පෙන්වා දෙයි.

සෞඛ්‍ය අංශ පවසන පරිදි අප්‍රේල් මස 04 වනදා සිට 11 වනදා දක්වා මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ උපරිමයට ළඟාවිය හැකි බැවින් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත්පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස