කොරෝනා මඩින්න අස්ගිරි බුදුපුතුන් පෙරට! රු.ලක්ෂ 50ක් කොරෝනා මඩින රජයේ අරමුදලට බැරකරති!

March 27, 2020 at 10:58 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජය මගින් ආරම්භ කළ නව කොරෝනා වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කර ඇත.

රටතුළ පවතින අපදා තත්වය සැලකිල්ලට ගනිමින්, ජනතාව ඉන් මුදවා ගැනීමට රජයට සහාය වීම සම්බන්ධයෙන් අස්ගිරි සංඝ කාරක සභාව සාකච්ඡා කළ බවත් ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවසූහ.

නව කොරෝනා වසංගතය පැරදවීමට රජය ගෙන යන වැඩපිළීවෙළ පිළිබදව සතුටු වන බවත්, මේ අවස්ථාවේදී කැපවී කටයුතු කරන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය වෙත අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ ප්‍රණාමය පුදකරන බවත් උන්වහන්සේ පැවසුහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස